http://www.gossiplankanews.com/2018/05/ihk-mahanama-piyadasa-dissanayake-caught.html

නාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානී ආචාර්ය අයි. කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්‌ථාවේ සභාපති පියදාස දිසානායක යන දෙදෙනා රුපියල් කෝටි 2 ක්‌ අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් නිසා ඊයේ අල්ලස් කොමිසමේ අතටම හසුවී පොලිස් අත්අඩංගුවට පත්වූ බව වාර්තාවේ.
එම්ජී ෂුගර් සමාගම පවත්වා යන ඉන්දීය ආයෝජකයකුට කන්තලේ ප්‍රදේශයේ සීනි කම්හලක්‌ කරගෙන යාමට
කන්තලේ සීනි සමාගමේ වත්කම් පවරාගැනීම සඳහා
රුපියල් කෝටි 10 ක අල්ලසක්‌ ඉල්ලා එයින් රුපියල් කෝටි 2 ක්‌ අත්තිකාරමක්‌ ලෙස ඉල්ලා එය ලබාගනිද්දී මෙසේ හසුකරගත් බව අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම දන්වා තිබේ.
කොළඹ ටාඡ් සමුද්‍ර හෝටල

රථගාල අසලදී ඊයේ සවස 5.00 ට පමණ මෙම අල්ලස ලබාගන්නා බවට ඉන්දීය සමාගම් ප්‍රධානියාගෙන්
ලැබුණ ඔත්තුව ඔස්සේ එම නිලධාරීන් ඔවුන් අතටම හසුකරගෙන තිබේ.
 අයි. ඒ. කේ. එස්‌. මහානාම යහපාලනය පිහිටුවීම වෙනුවෙන් කැපවූ වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ  ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානී තනතුරේ කටයුතු කිරීම විශේෂත්වයකි. ඔහු මීට පෙර ඉඩම් අමාත්‍යංශ ලේකම්වරයා ලෙසද කටයුතු කළ ආචාර්ය උපාධියක්ද හිමි අයෙකි.
 අත්අඩංගුවට පත් රාජ්‍ය දැව සංස්‌ථාවේ සභාපතිවරයා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ලේකම්වරයකු ලෙසද කටයුතු කර ඇත.
 මොවුන් දෙදෙනාම ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයින්ය.
මෙම දෙදෙනා ඊයේ රාත්‍රියේ කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්  කළ අතර 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඊයේ රාත්‍රී ජනපති මාධ්‍ය අංශය නිවේදනයකින් කියා සිටියේ මෙම දෙදෙනාගේ සේවය අත්හිටුවීමට ජනපතිවරයා ක්‍රියා කළ බවකි.