සංවර්ධන ලොතරැයි නිල ප්‍රතිඵල පරීක්ෂාව මේ දක්වා රූපවාහිනිය,පුවත්පත්,වෙබ් අඩවි මගින් සිදුවන නමුත් ප්‍රතිඵල ලද සැණින් ජංගම දුරකථනයෙන් එස්එම්එස් ලෙස ලබාදීමක් සිදුවූයේ නැත. සංවර්ධන ලොතරැයි
මණ්ඩලය ඊයේ (24) සිට

ඒ පහසුකම සක්‍රීය කර තිබේ. ජංගම දුරකථනයේ ඩීඑල්බී (DLB) ලෙස ටයිප් කර 7272ට කෙටි පණිවිඩයක් යැවීම මගින් මෙම කටයුත්ත සිදු කරගන්නට අවස්ථාව ලබාදී ඇති බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඩයලොග් ආයතනය හා එක්ව ඊයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කෙරිණි.
සභාපති එස්.ඒ.පී. සූරියප්පෙරුම වැඩබලන සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න, අළෙවි උපදේශක විජය සමරනායක, සහකාර සාමාන්‍යාධිකාරීන් වන කසුන් ජයසූරිය හා චානක දොඩම්ගොඩගේ, ඩයලොග් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු අජිත් ගමගේ යන මහත්වරු සහ ඩයලොග් ආයතනයේ නිෂ්පාදන කළමනාකාරිණී මදුෂා ගුරුගේ මෙනවියද මෙයට සහභාගි වූවාය.