සිය දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් කළ දෙදරු  පියකු 16දා රුපියල් පන්දහසක ඇප මුදලක් හා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත නිදහස් කරන ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා නියෝග කළේය.

 මෙලෙස ඇප මත නිදහස් කර ඇත්තේ කෑගල්ල පොලිස් වසාමේ යුද හමුදා කෝප්‍රල්වරයෙකි.  කෝප්‍රල්වරයාගේ බිරිය පාසල් ගුරුවරියක් වන අතර ඇය බදුල්ල ප්‍රදේශයේ අධ්‍යාපන වැඩසටහනකට ගිය අවස්ථාවේදී නිවසේදී ලිංගික අපයෝජනයක් කර ඇති බව හෙළිව තිබේ.
2017

ඔක්තෝම්බර් මස සිට 2018 ජනවාරි දක්වා අවස්ථා 12කදී සිය ජංගම දුරකථනයේ තිබූ අසභ්‍ය විඩියෝ දර්ශන දියණියට පෙන්වා පොළඹවාගෙන මෙම අපයෝජන සිදුකර ඇති අතර මෙම කාරණා මවට නොපවසන ලෙසත් එසේ කළොත් මරාදමන බවට බියවද්දා  ඇති බවත් දියණිය දන්වා ඇතැයි පොලිසිය කියයි.

   පසුගිය අප්‍රේල් 17දා මොහු යළි නිවාඩු ලබා පැමිණි 27දා යළි රැකියාවට යන්නට සිටි අවස්ථාවේදී අවසන් වරට බරපතළ ලිංගික අපයෝජනයක් වී ඇති අතර එම අවස්ථාවේ සිද්ධිය බිරිය අතටම හසුවූ බවත් පොලිසිය කියයි. කෑගල්ල මූලස්ථාන පොලිසිය ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියට කළ දැනුම්දීමකට අනුව සැකකාර කෝප්‍රල්වරයා මුලතිව්වලදී අත්අඩංගුවට ගෙන ඉකුත් 08දා කෑගල්ල මූලස්ථාන පොලිසියට භාරදී තිබිණි. පසුදින (09) සැකකරු කෑගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.