අද පෙරවරුවේ සිදු කෙරෙන කැබිනට් සංශෝධනයේදී අමාත්‍යංශ විෂය පථයන්වල පුළුල් පෙරළියක් සිදු වනු ඇතැයි වාර්තා පළව තිබේ.
 මෙහිදී මෙතෙක් පැවති කැබිනට් ඇමතිධූර 47 අද සිට 42 දක්වා අඩුවන අතර
ඒ නිසා විෂයන් කිහිපයක් එක් ඇමති වරයෙකුට ගොනුවීම

මෙන්ම පැවති අමාත්‍යංශ එකතූන් බේදී වෙන් කිරීම් සිදු කරන්නටද නියමිතය.

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති සංස්කෘතික විෂයට අදාළ මධ්‍යම සංස්කෘතිය අරමුදල, අපේ ගම, ජාතික කලා මණ්ඩලය, ජාතික සංස්කෘතික කලා මධ්‍යස්ථානය, ජනකලා කේන්ද්‍රය, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, ටවර්හෝල් රඟහල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යන ආයතන සංස්කෘතික අමාත්‍යවරයා යටතට පත් කෙරෙනු ඇතැයිද
රජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ දැනට පවතින ජාතික චිත්‍රපට සංස්ථාවද නැවත සංස්කෘතික අමාත්‍යංශය යටතට හෝ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට පත් කෙරෙනු ඇතැයිද වාර්තාවේ.
මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය අමාත්‍යංශ දෙකක් ලෙස වෙන් කෙරෙනු ඇතැයිද වාර්තාවේ.