අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී යෝජිත බස් ගාස්තු ඉහළ දැමීම සඳහා වන ඉල්ලීමට අනුමැතිය පළව තිබේ.


ඒ අනුව සියයට 6.5 කින් බස් ගාස්තු ඉහළ දමනු ඇත.
කෙසේ වෙතත් අවම ගාස්තුව රුපියල් 10 සිට 15 කිරීමට අවසර ලැබී නැති අතර එය රුපියල් 10 ම තබන්නට තීරණයවී ඇත.මෙම ඉහළ දැමීම සිදු නොකරන්නේ නම් දීපව්‍යාප්ත වර්ජනයකට යන බවට බස් හිමියන් අනතුරු අඟවා තිබුණි.