ව කෘෂිකර්ම ඇමතිවරයා ලෙස සිය ධූරයේ වැඩ භාරගත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (03) කියා සිටියේ‘කෘෂිකර්ම අමාත්‍යංශයට හොඳම තැන කලින් අමාත්‍යංශය තිබු ගොඩනැගිල්ලයි. ඒ ස්ථානයටම නැවත අමත්‍යාංශය ගෙන යාමට උපරිම උත්සාහ කරනවා‘ ලෙසිනි.

කෘෂිකර්ම අමාත්‍යංශය දැනට පවත්වාගෙන යන සිනමා නිළි සබීතා පෙරේරාගේ ස්වාමියාට අයත් බත්තරමුල්ල රාජගිරිය පාර්ලිමේන්තු පාරේ පිහිටි ගොඩනැගිල්ලට අදාල ගිවිසුම්ගත කාලය අදින් (03) අවසන් වූ අතර ඒ අනුව නව ගොඩනැගිල්ලකට යනවාද යන ප්‍රශ්නය මාධ්‍ය ඉදිරිපත් කළ අවස්ථාවේ

ඔහු ඒ බව පවසා තිබුණි.
නව රජය බලයට පත්වූ සමයේ කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙන් විශාල පිරිවැයක් දරමින් මේ කියන ගොඩනැගිල්ල බදු කුලී පදනම මත ලබාගෙන තිබූ නමුත් එම ගොඩනැගිල්ලට බදු මුදල් ගෙවමින් තිබුනේ එහි අමාත්‍යංශ කටයුතු අරඹන්නේ නැතිවයි.
විශාල මාධ්‍ය අවධානයක් හා පාර්ලිමේන්තුවේ විවාදද මෙම ගොඩනැගිල්ල අරභයා ඇතිවුණ නමුත් ඒ ගිවිසුම ඉවත්කිරීමට හිටපු ඇමති දුමින්ද දිසානායක පියවර ගෙන තිබුනේ නැත.අවසානයේ දීර්ඝ ප්‍රමාදයකින් පසු  අමාත්‍යංශයේ නව ගොඩනැගිල්ලේ කටයුතු මීට මාස 4 ක් 5 කට පෙර ඇරඹීණි.
‘ගිවිසුම් කාලය අවසන් විම ගැන මට කියන්න බැහැ. මොකද තවම මට ඒවා ගැන සොයන්න වෙලාවක් ලැබුණේ නැහැ. කොහොමත් මට සැප ගොඩනැගිලි අවශ්‍ය කරන්නේ නැහැ. මට නෙවෙයි දුමින්ද ඇමතිතුමාටත් එහෙම ඕන කළේ නැහැ.‘ඇමති අමරවීර  අද පවසා ඇත.