ආගමන විගමන නිලධාරිහු අද (17) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරිම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර සිටිති. ආගමන හා විගමන සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම. විදේශ දූත මණ්ඩලවලට ආගමන විගමන නිලධාරින් අනුයුක්ත කිරීම, දෙපාර්තකමේන්තු නඩු පැවරුම් අංශය නැවත
ක්‍රියාත්මක කිරීම

යන ඉල්ලීම් මුල්කර ගනිමින් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන බව ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ ලේකම්
කේ.කේ.ඡී.ජේ. බණ්ඩාර මහතා පැවසීය. ඒ අනුව කටුනායක, මත්තල සහ රත්මලාන යන ගුවන්වෙටුපළවලත් කොළඹ. ගාල්ල හබන්තොට සහ ත්‍රිකුණාමලය යන වරායවලත් සේවය කරන ආගමන විගමන නිලධාරින් හා ප්‍රධාන කාර්යාලයේ සේවය කරන නිලධාරින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක් වන බව බණ්ඩාර මහතා සඳහන් කළේය. ආගමන හා විගමන නිලධාරින් අසාධාරණයට ලක් කරමින් දශක දෙකකට අධික කාලයක් තිස්සේ ප්‍රශ්න ගණනාවක් විසඳී නැතැයි ද ඔහු පැවසීය. අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව අද (17) දවල් 12ට කටුනායක ගුවන්තොටුපොළ ඉදිරිපිට නිහඩ විරෝධතාවයක් පැවැත්වෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.
වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගුවන් ගමන් සඳහා සහභාගීවන සියලුම මගීන්ට පැය තුනකට පෙර ගුවන්තොටුපළට පැමිණෙන ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කර සිටියි.මෙම පියවර ගෙන ඇත්තේ වෘත්තීය ක්‍රියාමාර්ගය අතරතුර සිදුවන ප්‍රමාදයන් වලක්වා ගැනීමට බව නිවේදනයේ දැක්වේ.