ඇමරිකානු ජනපති බිරිය මෙලනියා ට්‍රම්ප් අද 15 දින සැත්කමකට මුහුණදෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇයගේ වකුගඩු සම්බන්ධ රෝගී තත්වයට අදාළව වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේදී රුධිර සැපයුම් වෙනස්කම් සැත්කමක් embolisation procedure සිදු කරන්නට නියමිත බව
ධවල මන්දිර ප්‍රකාශකයෙකු වාර්තා කර තිබේ.

ඇයගේ මෙම සැත්කම අවදානමකින් තොර සැමාන්‍ය පිළිවෙලට සිදුවන්නක් වන බවද වාර්තා වල සඳහන්වේ.
ආසන්න සතිය තුළ 48 හැවිරිදි මෙලනියා ට්‍රම්ප් කතාබහට ලක්වූයේ පාසල්වල  දරුවන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ ප්‍රචාරක ව්‍යාපාරයකට සම්බන්ධවීම නිසාය.
මෙලනියාට සුවය පතා සුබපතන අයට ස්තූතිකරමින් තමාද රෝහල වෙත යන බව කියමින් ජනපත.ි ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක්ද නිකුත් කර ඇත.