ඩොලරයේ අගය ඉහළ ගියද ආනයනික ජපන් වාහනවල කිසිදු මිල වැඩිවීමක් සිදු නොවන බව වාහන
ආනයනකරුවන්ගේ

සංගමය සදහන් කරයි. රුපියලට සාපේක්ෂව ඩොලරය 160.04 දක්වා වැඩිවී ඇතත්, ජපන් යෙන් එකක මිල පහත වැටීම මීට හේතුව බවද එහි සභාපති සමපත් මෙරින්චිගේ මහතා පැවසීය.
එසේ වුවද ඉන්දියාවෙන් හා එංගලන්තයෙන් ආනයනය කරන සියලුම වාහන සඳහා ඩොලරයේ අගය ඉහළ යාම බලපා ඇතැයි ද ඒ අනුව ඉන්දියාවෙන් ගෙන්වන සියලුම වාහන මිල සියයට 3 කින්ද එංගලන්තයෙන් ගෙන්වුන වාහන මිල සියයට 4 කින්ද ඉහළ යන බව ද ඒ මහතා කීය.
ඒ අනුව ජපානයෙන් ආනයනය කර ඇති වාහනවල මිල මට්ටම එලෙසින්ම පවතින බවද එහි කිසිදු වැඩිවීමක් නොවන බවද හෙතෙම අවධාරණය කළේය.