රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් වටිනා රත්රන් බිස්කට් 20ක් තම සිරුරේ ගුඳ මාර්ගය සගවා ගෙන මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු පෙරේදා (15) සවස කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරින් විසින්
අත්අඩංගුවට ගන්නා ලදැයි

වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය. මේ දෙදෙනා හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32 සහ 24 වයස්වල පුද්ගලයන් වන අතර සිය ව්‍යාපාරික කටයුතු සඳහා කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටින බව රේගු පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. මේ දෙදෙනාගෙන් එක් අයකු 15 වැනිදා සවස සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයෙන් ද අනික් තැනැත්තා චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයෙන් ද කටුනායක තොටුපොළට පැමිණ තිබිණි. මොවුන්ගේ ගමන් විලාශය පිළිබඳ සැක සිතු ගුවන් තොටුපොළ රේගු නිලධාරින්, ඔවුන් ස්කෑන් පරික්ෂණයකට භාජන කරවූ අවස්ථාවේ ඔවුන්ගේ ගුද මාර්ගවල රත්තරන් බිස්කට් සගවා ගෙන ඇති බව අනාවරණය කරගෙන තිබේ. මෙම එක් අයකුගේ සිරුරේ රත්රන් බිස්කට් 12ක් ද . අනික් පුද්ගලයාගේ සිරුරේ රත්රන් බිස්කට් 08ක් ද තිබූ අතර ඒවායේ මුළු බර කිලෝ දෙකක් විය.