https://www.blogger.com/blogger.g?blogID=4779058738889857399#editor/target=post;postID=6643972481942722890;onPublishedMenu=allposts;onClosedMenu=allposts;postNum=0;src=postname
මේ දිනවල සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් පැතිර යන ඡායාරූප කිහිපයකින් පැවසෙන්නේ පසුගිය 18 වනදාට යෙදුණ යුද නිමාව සනිටුහන් කළ දිනය කිලිනොච්චියේ  HNB පුද්ගලික බැංකුවේ සේවක පිරිසක් මගින් ‘යුද අපරාධ දිනය‘ ලෙසින් සැමරීමට ලක් කරන ලද ආකාරයයි.
Remembering the Tamil Genocide “May 18 War Crimes Day” යනුවෙන්
පොස්ටරයක්ද ඒ සමගම හුවමාරුවී තිබුණි.
කිලිනොච්චියේ හමුදා ප්‍රධානීන් යුද ජය සැමරීම තවත්  තැනක සිදු කරන අතර ඒ දිනයේම කොටි ත්‍රස්තවාදීන් ඝාතනය විම ගැන කණගාටුවෙමින් පොදු මහජනතාවට විවෘත ස්ථානයක මේ ආකාරයට සැමරීම කෙතරම් දුරට උචිතද යන්න ගැන සමාජ මාධ්‍ය තුළ

විශාල කථාබහක් ඇතිව තිබේ.
මැයි 18 යුද අපරාධ සිදුවූ දිනයක් ලෙස කොටි හිතවාදී ජාත්‍යන්තර දෙමළ ඩයස්පෝරාව මතයක් දරන නමුත් එම මතය නිවැරදි කිරීම වෙනුවෙන් රජයේ නියෝජිතයින් කටයුතු කරන අතරවාරයේ සංහිඳියාවට මුවාවී මිනිමරු ත්‍රස්තයින් වීරයින් බවට පත්කිරීම උචිත නොවන බව මෙම කථාබහේදී පෙන්වාදී ඇත.
කොටි සංවිධානය ඉහළට ඔසවා තැබූ ප්‍රභාකරන් යනු 1980 ගණන්වලදී එල්ටීටීඊය සඳහා අරමුදල් රැස්කිරීමට බැංකු කොල්ලකෑම් සිදුකළ අයෙකු බවත් පසුකලෙක හෝ ඒ වෙනුවෙන් නීති ක්‍රියාත්මක නොවූ බවත් තවත් අදහසකි.
මෙහිදී බැංකුවේ නිලධාරීන් ආරක්ෂක නිලධාරීන් පින්තූර ඉදිරිපිට ඉටිපහන් දැල්වීමට කටයුතු කර තිබෙන අතර කාර්යාල වේලාවන් තුළ එල්ටීටීඊය සැමරීම සම්බන්ධයෙන් කළමනාකාරවරයාට සහ කාර්ය මණ්ඩලයට එරෙහිව HNB ඉහළ කළමනාකාරිත්වය මේ වනවිට පියවර ගෙන ඇති බවද වාර්තාවේ. ඒ අනුව කළමනාකරුට මාරුවක් ලබාදී ඇති බවද වාර්තාවේ.
හැටන් නැෂනල් බැංකුව – 28.38 % රජයේ කොටස් හිමි ඉතිරිය පුද්ගලික කොටස් සහිත බැංකුවකි. දැනට 70 වැනි වියේ පසුවන සභාපති රියෙන්සි අර්සකුලරත්න අනිද්දා මැයි 26 සිට විශ්‍රාම යැමට නියමිතය.

නව සභාපතිවරයා ලෙස දිනේෂ් විරක්කොඩි පත්කිරීමට නියමිතය.
බැංකුවේ සැමරුම හා පෝස්ටරය පහත දැක්වේ.
මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ ප්‍රධානත්වයෙන් රණවිරුවන් සිහිකිරිමේ අනුස්මරණ උත්සවයක් 18 දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේදි පවත්වන ලද අයුරු ඊට පහළ ඡායාරූප වල දැක්වේ



 සිද්ධිය සම්බන්ධයෙන් HNB නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්

ශ්‍රී ලාංකිකයින්ගේ අභිමානය කෙරෙහි තර්ජනයක් විය හැකි හෝ සමාජ සම්මතයන් උල්ලංඝනය කරන කිසිදු හැගීමක් හෝ ක්‍රියාවක් හැටන් නැෂනල් බැංකුව ලෙස අපි කිසිදු ලෙසකින් පිලිනොගන්නා අතර එවැනි තත්වයන් කෙරෙහි අපගේ දැඩි අවධානය යොමු කරන බව අවධාරණයෙන් පවසන්නෙමු. සියලු ශ්‍රී ලාංකිකයින් වෙත සමානාත්මතාවයෙන් සේවා සපයන අපගේ ආයතනික ඉලක්ක සහ ලැදියාවන් හැම විටම ශ්‍රී ලංකාවේ ගුණාත්මක වර්ධනය සමග එකාත්මිකව පවතී. හැටන් නැෂනල් බැංකුව විසින් වඩාත් ගෞරවාන්විතව පවත්වාගෙන යන අපගේ වෘත්තීය භාවයට පටහැනි අනවසර ක්‍රියාවක් අපගේ යම් ශාඛාවක සිදුව ඇති බැවින් ඒ පිළිබඳව අපගේ බලවත් කණගාටුව පළ කෙරෙන අතරම එබඳු ක්‍රියාවක් කිසිදු ලෙසකින් බැංකුවේ හරයාත්මක වටිනාකමක් ලෙස අරුත් ගැන්විය නොහැකි බවද තරයේ කියාසිටින්නෙමු. එම සිදුවීම පිළිබඳව පරික්ෂණයක් පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ගයන් දැනටමත් ගෙන ඇති බව දන්වනු කැමැත්තෙමු.