පසුගියදා ආන්දෝලනයක් ඇති කරමින් ශ්‍රීලනිප මෛත්‍රී පිලේ කණ්ඩායම්
තීරණ අනුව නොයමින් ඇමතිකම් අතහරිමින් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කළ 16 දෙනාගේ පිලේ ඇතැම් අය එම කණ්ඩායමෙන් ඉවත් වන බවට වාර්තා පළවන අතරේ ඉන් එක් අයෙකු වන සුමේධා ජී ජයසේන මහත්මිය අද දින මඩකලපුවේ පැවති ශ්‍රිලනිප මැයි රැළියට එක්ව තිබේ.

ඒ අනුව 16 කණ්ඩායම 15 බවට පත්වේ. ඉතිරි 15 න් කිසිවෙකු හෝ පොදු ජන පෙරමුණේ හෝ වෙනත් කිසිදු පක්ෂයක මැයි රැළියකට අද එක්වී නැත.
හෙට 8 දින පාර්ලිමේන්තු රැස්වීම අතරතුර මෙම කණ්ඩායමේ අය විපක්ෂයේ අසුන් ගන්නා බවට පසුගිය දිනවල වාර්තා කර තිබුණි.