එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා ඊයේ (26) එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස් වී තිබේ. තමන් එම තනතුරින් ඉල්ලා අස් වීමට මූලික හේතුව එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු පත් කිරීමේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට උප නායක
තනතුර ලබා දීම

බව ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍යවරයා පවසා තිබේ.

“අනික් කිසිම තනතුරක් පත් වුණ එක ගැන මට කිසිම අවුලක් නැහැ. ඒත් රවී කරුණානායකට නියෝජ්‍ය නායක ධුරය දීපු එක ගැන මම සතුටු නැහැ. එයා මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙනුත් චෝදනා ලැබූ පුද්ගලයෙක්. ඒ ගැන රටේ ජනතාවත් දන්නවා. මට රටේ ජනතාවට ද්‍රෝහී වෙන්න බැහැ. ඒ නිසා මම කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් අයින් වුණා. මම අයින් වෙන්න එක හේතුවක් තමයි බැඳුම්කර ගනුදෙනුව. තව හේතු ගොඩාක් තියෙනවා. ඒ ගැන කියන්න බැහැ” හිටපු ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ සමගම ජොෂප් මයිකල් පෙරේරාගේ ජා ඇල සංවිධායක ධූරයද අහිමිවීමේ අවදානමක් මතුව තිබේ.
ඊයේ රවී පත් කළාට විරෝධය පෑ අනෙක් කෙනෙකු නවූයේ නි.ඇමති රන්ජන් රාමනායකයි.