ඊයේ පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනා විවාදය අවසන්වී තමා පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටව එද්දී ඇමති නවීන් දිසානායක තමාට බැණවැදී තර්ජනය කළ බවත් පසුව පහරදෙන්නට ආ බවත් දක්වමින්
නියෝජ්‍ය කතානායක

තිලංග සුමතිපාල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
මේ ගැන කතානායකවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ඔහු පවසා ඇත.
තිලංග සුමතිපාල මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කතාවක් පවත්වමින් තමා ඇතුළු ශ්‍රිලනිප කොටසක් රනිල්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව කියූ අතර ඔහුගේ කතාව අතරතුරදී ඔහු නියෝජ්‍ය කතානායකවරයකුට නොගැළපෙන පක්ෂපාතී හැසිරීමක යෙදෙන්නකු ලෙස චෝදනා මතු විය. කෙසේ වෙතත් තිලංග කියා සිටියේ තමා නියෝජ්‍ය කතානායක පුටුවේ සිටියදී කිසිවෙකුට පක්ෂපාතීවී නැති නමුත් දියවන්නාවෙන් පිට තමාට වෙනම දේශපාලනයක් පවතින බවයි.
තිලංගගේ එම කතාව අතරතුර ඇතිවනූ බාධා නිසා ඇතැම් අවස්ථාවල නිහඩවෙමින් අපහසුතාවයට ලක්වෙමින් කතාකරනුද දක්නට ලැබුණි.
ඔහු සභාගැබෙන් එළියට එද්දී මෙම පහරදීමේ සිද්ධිය පසුව වාර්තා විය.