http://www.gossiplankanews.com/2018/04/ranjan-speaks-about-malinga.html

ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් සභාපති තිලංග සුමතිපාල සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංගගෙන් පලිගත් බවත් ඒ නිසා රටට වටිනා ක්‍රීඩකයෙකු අහිමිවූ බවත් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඊයේ මාදිවෙල පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.ඔහු මෙසේ පවසා තිබේ.

“ මම තරහින් වෛරයෙන් මේවා කියන්නේ නෑ. මමත් ක්‍රිකට් ලෝලියෙක්. මා පසුපස ක්‍රිකට් ක්‍රීඩකයන්, මාධ්‍යවේදීන් සහ ජනතාව ඉන්නවා. මගේ චරිතේ තමයි හොරු ගැන
කෑගහන එක. හොරු අල්ලන එක. ඒකෙදි මම ෆේල්වෙනවද නැද්ද කියන එක ඉතිහාසාය තීන්දු කරයි. නමුත් හෙරුන් සමග නිදිවදිනවට වඩා හොරුන් එක්ක එකතු වෙලා හොරකම් කරනවට වඩා හොරුන් ගැන අණාවරණය කරලා පච වෙන එක, හොරුන් එක්ක සටන් කරලා පරදින එක නම්බුයි.

මේ සටනද පරදින්න පුළුවන්. නමුත් මට ඒක නම්බුයි. මම හොරකම් කරලා නෑ. ඒ නිසා මම මගේ සටන දිගටම ගෙනියනවා.

ක්‍රීඩා නීතිය අනුව තිලංග සුමතිපාල මහතාට අයිතියක් නෑ ක්‍රිකට් ආයතනයේ මුල් පුටුව හොබවන්න. සුමතිපාල මහතා මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක්. මීට අමතරව ඔහු ක්‍රීඩා භාණ්ඩත් ගෙන්වනවා. ඔට්ටු ඇල්ලීමට සම්බන්ධ අයට එය ක්‍රීඩා නීතියට පටහැනිය. දයාසිරි ඇමතිතුමා ගැන මම දන්නේ නෑ එතුමාට ලැබෙන වාසිය කුමක්ද කියලා. එතුමා ඔහු මුල් පුටුවේ තැබුවා.

අපි ක්‍රිකට් ක්‍රීඩාවේ සිටියේ අංක තුනේ. දැන් ඉන්නේ අට නැත්නම් 9 යේ. ඒක වුණේ දයාසිරි ජයසේකර ඇමතිතුමා හා තිලංග සුමතිපාල මහතා සිටින කාලයේදී. ලැජ්ජාවක් තියෙනවානම් නැවත ඉල්ලන්නෙත් නෑ. කශේරුකාවක්, කොන්දක්, සදාචාරයක් තියෙනවානම් මේ පාර ඉල්ලන්නේ නෑ. අයි.සී.සී. දූෂණ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ පරීක්ෂණ කළා. මගෙනුත් ඇහුවා. මමත් දන්න දේවල් කිව්වා. ලසිත් මාලිංගගෙන් පලිගත්තා. අපි කවුරුත් දන්නවා. ඇයි පසුගිය කාලයේ පරාජයට පත්වූයේ කියලා. මාධ්‍යෙව්දීන් මේ ගැන කතා කරන්නේ නැත්නම් මොකක් හරි තියෙනවා.

මම මාධ්‍යවේදීන්

12දෙනෙකුගේ නම් කියන්නම්. පසුගිය කාලයේ විදෙස් සංචාර ගිය හැටි. ආටිකල් එකකට 7500 බැගින් ගත්ත හැටි. නම් ගත්ත හතර දෙනෙක් අපි ළඟ ඉන්නවා. වඳින්නම් අයියේ නම් කියන්න එපා කිව්වා. පොඩි හොරකම්, ලොකු හොරකම් කියලා දෙකක් තියෙනවා. මම පොඩි හොරකම් පස්සේ යන්නේ නෑ.

මම අද ඉඳගන්නේ තනියම. ඉදිරියට සුපිරි ක්‍රීඩකයන් සමග වාඩි වෙන්න බලාපොරොත්තු වෙනවා. සුපිරි තොරතුරු ගණනක් මග එනවා. මම කියන්නේ සාධාරණව මෙතුමට අයින් වෙන්න කියලයි. ඒ ක්‍රිකට් බේර ගන්නයි. දැන් මේක කෑවා ඇති. දැන් සමුඅරන් හරි කෙනෙකුට දෙන්න.”