විශ්වාසභංගය පරාජයට පත්වීමෙන් පසු කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුළු විශාල පිරිසක් ඊයේ (04දා) රාත්‍රියේ කොළඹ බේබෲක් පෙදෙසේ පිහිටි කැපිටල් මහාරාජා ආයතනය‍ට පහරදීමට සූදානම් වූ බවට ආරංචි
පැතිර තිබේ.
කෙසේ වෙතත් එම පරිශ්‍රය පිටත කැරලි මර්දන ඒකකය ඇතුළුව දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදවා තිබීම නිසා එය වැළකී තිබේ.
ව්‍යාපාරික ගැටලු මුල් කරගෙන කැපිටල් මහාරාජා සමාගමේ නාලිකා මගින් අගමැති රනිල් ඉලක්ක කරගෙන දේශපාලන වශයෙන් පහරදීම කලෙක සිට කරගෙන ආ අතර එහි කූටාප්‍රාප්තිය ඊයේ රාත්‍රියේදී සිදුවූයේ රනිල් විශ්වාසභංගය ජයගැනීමෙනි.