යාල ජාතික වනෝද්‍යානයේ සිටි මිස්සක නමින් හැඳින්වූ සද්දන්ත ඇතාගේ ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් කිහිප දෙනකුගෙන්ම තොරතුරු ලැබී ඇතැයි වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරීයබණ්ඩාර මහතා  ඊයේ (26දා) පැවැසීය.

වනෝද්‍යානයට

ඇතුළු වූ දඩ මස් ජාවාරම්කරුවන් විසින් ඇතාට වෙඩි තබා මරා දමන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ඉදිරි දින කිහිපයේදී මිස්සකගේ ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන අයගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවත් හෙළිදරව් වන තොරතුරු මත අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

මිස්සක ඇතාව මරා දමන්නට ඇත්තේ දළ සහ ගජමුතු ජාවාරම්කරුවන් විසින් බවත් විධිමත් පරීක්‍ෂණයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන ලෙසත් පරිසර සංවිධාන රැසක්ම වගකිව යුත්තන්ගෙන් ඉල්ලා තිබිණි.