ඇප ලැබුණත් පාස්පෝට් එක නැති නිසා 
මහින්දානන්ද ඇතුලේ

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතාට දුරකථනයෙන් කතා කොට  තෝරාගත් පාසල් සහ ක්‍රීඩා සංගම්වලට කැරම් සහ දාම්බෝඩ් දහහතරදහසක් ආනයනය කිරීමට උපදෙස් ලබාදීමත්, ඒ අනුව අවස්ථා හතරකදී ඒවා ආනයනය කොට රුපියල් 53,113,975. 17ක් රජයට පාඩු කරන ලැබීමත් නිසා
අල්ලස් කොමිසම පැවරූ නඩුව අනුව සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු පසුගියදා අත්අඩගුවට ගැනුණ අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් අද ප්‍රශ්න කිරීමට ලක්ව අත්අඩංගුවට පත්වුණා.
කෙසේ වෙතත් අද 16 දින කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න

වෙත ඔහු ඉදිරිපත් කළ පසුව ඇප නියම වූ නමුත් ඔහුගේ පාස්පොට්එක අන්තරාස්ධාන වීම නිසා ඇප මත නිදහස් වන්නට බැරි විය.
ඇප කොන්දේසි සපුරාලීමට අපහොසත් වීම නිසා ඔහු රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් වරිය පසුව නියෝග කළාය.
හිටපු ඇමැතිවරයාට රුපියල් 35,000ක මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කරන ලද්දේ ඔහුගේ විදෙස් ගමන් වලටද තහනම් පමුණුවමිනි. ඒ අනුව ඇප ලබාගන්නට විදෙස් ගමන් බලපත්‍රය අධිකරණට ඉදිරිපත් කරන්නට අවශ්‍ය වුවත් ඔහු සතුව එය අද නොවීය.
කොළඹ මහාධිකරණයේ විභාග කෙරෙන වෙනත් නඩුවක් සඳහා ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණයේ භාරයට පත් කර ඇති බව ඔහුගේ නීතීඥවරුන් පැවසුවත් ඒ බව සනාථ කිරීම සඳහා අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීමට නොහැකි වූ අතර එම ඇප කොන්දේසිය සපුරාලීමට අලුත්ගමගේ මහතා අපහොසත්වීම නිසා ඔහු මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කැරිණි.  
2014 වර්ෂයේ ජනාධිපතිවරණ සමයේ දී කැරම් හා දාම් ලෑලි මිලදී ගැනීමෙන් රුපියල් රුපියල් 53,113,975. 17ක්  රජයට පාඩු කළැයි කියන සිද්ධිය නිසා ඔහු රිමාන්ඩ් ගත විය.