http://www.gossiplankanews.com/2018/04/kithulgala-death-moratuwa-student.html
පසුගිය සතියේ ටෙලි නාට්‍ය නිළියක දියේ ගිලීමෙන් මරණයට පත්වීම වාර්තාවූ කිතුල්ගල, යටිබේරිය ප්‍රදේශයේදී කැලණි ගඟේ බෝට්ටු පදින්නට ගිය මොරටුව විශ්වවිද්‍යාල සිසුන් කණ්ඩායමක එක් සිසුවෙක්
බෝට්ටුව පෙරළීමෙන් පෙරේදා (20) දහවල් දියේ ගිලී මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ
මොරටුව විශ්වවිද්‍යාලයේ

ඉංජිනේරු පීඨයේ 3 වසර ඉගෙනුම ලබන  මිගමුව පදිංචි 23 හැවිරිදි ඩී.ඩී. කනිෂ්ක ඩී. වීරකෝන් බව හඳුනාගෙන ඇත.
කිතුල්ගල, යටිබේරිය පුදේශයට 13 දෙනකුගෙ න් යුත් මිතුරන් පිරිසක් සමග එදින දහවල් කැලණි ගගේ‍ බෝට්ටු පදිමින් සිටින විට බෝට්ටුව පැත්තකට පෙරළි ගිය බවත් එම අවස්ථාවේ
මෙම අනතුර සිදුවූ බවත් මියගිය සිසුවාගේ මිතුරෝ පැවසූහ.
මෘත ශරිරය මේ වන විට කිතුල්ගල දිසා රෝහලේ තැන්පක් කර ඇති අතර හදිසි මරණ පරීක්ෂණය හා පශ්චාත් මරණ පරික්ෂූණ සිදුකිරීමට නියමිතය. ගිනිගත්හේන පොලීසිය සිද්ධිය සමිබන්ධයෙන් පරික්ෂණ පවත්වයි.