ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ නිදහස් කුසලාන තුන් කොන් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනය රුපියල් මිලියන 943 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 9430ක ශුද්ධ ලාභයක් ලැබූ බවත් මුලදී මිලියන 195 ත් 200 අතර ඇස්තමේන්තු කළ ලාභය හතර පස් ගුණයකින් වැඩිවූ බවත් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පෙරේදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේය.


"නිදහස් කුසලාන තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අතිශයින්ම සාර්ථක තරගාවලියයි“ යනුවෙන්ද ඔහු සඳහන් කළේය. අවසන් තරගයට ලකාව නොතේරුණත් එම තරගය පවා ප්‍රේක්ෂකයින්ගෙන් පිරී ඉතිරී යන උණුසුම් මට්ටමින් පවත්වන්නට හැකිවූ බවත් මේ ආකාර තරගයක් මින් ඉහත පවත්වා නැති බවත් ඔහු කීවේය.
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය (එස්.එල්.පි.එල්.) ලඛන අගොස්තු මස 18 වැනිදා සිට සැප්තැම්බර් මස 15 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුකර ඇතැයි ද එහිදී සුමතිපාල මහතා පැවසීය.