බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය  විදුහල්පතිවරයාගේ කාමරය බිද ජංගම දුරකථන 10ක් සොරකම් කළ
බවට සැකකරන සිසුන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පවසයි.
18 සහ 17 යන වයස් කාණ්ඩවල අයත් එම විදුහලේම සිසුන් හතර දෙනෙකු හා ඌව මහා විදහාලයේ ශිෂ්‍යයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.

බදුල්ල පොලීසියේ නිල සුනඛ ඩස්ටින්ගේ සහායෙන් කළ

මෙහෙයුමකදී විදුහලට කිලෝමීටර් දෙකක් පමණ    දුරින් පිහිටි සැකකාර සිසුවෙකුගේ නිවසටම ගිය බව පොලීසිය පවසයි.

 එහි සිටි සැකකාර සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේදී  මේ කල්ලියේ අනෙක් සැකකරුවන් 4දෙනා පිළිබඳව තොරතුරු අනාවරණය කළ බව පොලීසිය පවසයි. සැකකරුවන් සන්තකයේ තිබූ සොකරම් කරන ලද ජංගම දුරකථන සොයා ගත් බවද පොලීසිය පවසයි.

මෙම විදුහලට ජංගම දුරකථන රැගෙන ඒම තහනම් කර ඇති අතර සිසුන් පරීක්ෂා කිරීමේදී   ඔවුන් සන්තකයේ තිබී හමුවන ජංගම දුරකථන ලබා ගෙන දෙමවුපියන් ගෙන්වා ඔවුන්ට බාරදීමට නියෝජ්‍ය විදුහල්පති කාමරයේ තබා තිබියදී මෙම සොරකම සිදුවී ඇතැයි නියෝජ්‍ය විදුහල්පතිවරයා බදුල්ල පොලීසියට කරන ලද ප්‍රකාශයේ සදහන්ය. බදුල්ල  පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර පක්ෂණ පවත්වයි