සිය මාස දෙකක් පමණක් වයස බිලිඳියද සමගින් සරසවි ප්‍රවේශ විභාගය සදහා, ඉදිරිපත් වූ තරුණ ඇෆ්ගනිස්තාන මවකට, සරසවියට පිවිසීමමේ අවස්ථාව ලබාදීමට එරට බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා පවසයි. ජහාන් ටාබි නම් මෙම මව පසුගියදා පැවති මෙම විභාගය සඳහා පෙනී සිටින ආකාරය දැක්වෙන
ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීමෙන් පසුව ඇති වුණු කතාබහත් සමගම ඇයට ඒම අවස්ථාව උදා වී තිබේ.

එළිමහනේ සංවිධානය කර තිබූ මෙම විභාගය අවස්ථාවේදී පැවැති දැඩි අව් රශ්මියෙන් වැළැකීම සඳහා ඇය වෙනත් විභාග අපේක්ෂිකාවකගේ පුටුවකට මුවා වී සිය විභාගයට පිළිතුරු ලියන ආකාරය මෙම ඡායාරූපවල සටහන් වී ඇත.


එම අවස්ථාවේදී විභාග මධ්‍යස්ථානයේ සිටි ආචාර්යවරයකු එම ඡායාරූප ගෙන මෙලෙස සමාජ මාධ්‍ය ශිවත යොමුකර ඇත.  "ඒ වෙලාවේ අව්ව සැර වැඩියි. ඒ නිසා මම පුටුවකට මුවාවෙලායි උත්තර ලීවේ " ජහාන් ටාබ් පවසන්නීය.

"සමහර වෙලාවට දරුවා ඇඬුවා. එතකොට මම කිරි දෙන ගමන්ම විභාගයට උත්තර ලිව්වා. ඒත් දරුවා ඇඩිල්ල නවැත්තුවෙම නැහැ. මම බයේ හිටියේ පරික්ෂකවරු මාව අයින් කරයි කියලා. ඒ වගේම
අනෙක් අපේක්ෂකයන්ටත් එය බාධාවක් නිසා" ඇය පවසන්නීය.


එහෙත් ඇයගේ මේ උත්සාහය මල් ඵල ගන්වමින් ඇෆ්ගනිස්තානයේ කාබුල් විශ්වවිද්‍යාලය ජහාන් ටාබි වෙත අධ්‍යාපනය ලැබීමි අවස්ථාව උදාකර දී තිබේ. එහිදී ඇය ආර්ථික විද්‍යා විෂය තෝරා ගෙන ඇති අතර, ඇයගේ වියදම් සියල්ල එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක විසින් භාරගෙන තිබේ. එසේම ඇෆ්ගනිස්තානයේ දෙවැනි උප ජනාධිපතිවරයා ඇයට වසරක් සඳහා නොමිලේ මහල් නිවසක් ලබාදීමටත් කටයුතු යොදා ඇත.

"උපාධිය ලැබීමෙන් පස්සේ අපේ ගම්මානයේ වෙසෙන කාන්තාවන්ට උපකාර කිරීම මගේ අරමුණයි. මගේ උපන් ගමේදී කාන්තාවන්ට එතරම් හොඳසැලකීමක් ලැබෙන්නේ නෑ. ඒත් කාබුල් නගරයේදී කාන්තාවන් වැඩි නිදහසක් භුක්ති විඳිනවා. ඒත් මගේ පළාතේ කාන්තාවන් ගැන මට දුකයි. ඔවුන්ට අධ්‍යාපනය ලබන්නවත්, දැනුම ලබන්නවත් අවස්ථාවක් නැහැ” හාන්ටාට් පවසා සිටියි.