පසුගිය සතිවල විවිධ සාකච්ඡාවන්ට බඳුන් වෙමින් බල අරගල වලට පාර කපමින් සිදුවූ සියල්ල අවසානයේ
විද්‍යාත්මක පදනමක් යටතේ සිදුකරනු ලබන බව කියන අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට (1) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.
මේ බව හම්බන්තොට

නලගම ප්‍රදේශයේ පැවති උත්සවයකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර  ඉඟි කළේය. ඔහු අද කතාවක් කර සදහන් කළේ නව කැබිනට් සංශෝධනය මගින් මෙරට උද්ගතව ඇති ගැටලු රැසකට විසඳුම් ලබාගත හැකි වනු ඇති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධව පවතින ආණ්ඩුව ඉදිරියටත් ගෙන යාමට කටයුතු කරන බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.
රනිල්ට එරෙහි විශ්වාසභංගයට සහාය පළ කර විපක්ෂයේ වාඩිවීමට සූදානම් වන ශ්‍රීලනිප 16 දෙනාගෙන් වැඩි පිරිසකගේ කැබිනට් ඇමති ධූර මෙහිදී ගිලිහී ගොස් නව මුහුණු එකතුවනු ඇතැයි අදහස් පළව තිබේ.