මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයිනේ සියලුම සුරාසල් එළඹෙන 13 හා 14 දෙදින තුළ වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තූවි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සදහන් කළේය.

අදාළ කාලසීමාව
තුළ සුරාබදු අක්‍රමිකතා ඇතිවිද යන්න සම්බන්ධයෙන් සියලුම සුරාසල් පරීක්ෂා කිරීමකට ලක්කරන බවද ඔහු පවසා සිටියේය.  මීට අමතරව වෙසක් පුර පසළොස්වක පෝය වෙනුවෙන් එළඹෙන 29 සහ 30 යන දෙදින තුළද දිවයිනේ සියලූම සුරාසල් වසා තබන බවද හෙතෙම සදහන් කළේය.