මන්නාරම් නගර ආසන්නයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා පළව හෑරූ පස් ගොඩක තිබී මිනිස් ඇටසැකිලිවලට සමාන වූ ඇටසැකිල තොගයක් ඉරිදා (26) සවස හමුවූ බවට. මන්නාරම් පොලීසිය කියා සිටියේය.

මන්නාරම් නගර ආසන්නයේ අදාළ ගොඩනැගිල්ල ඉදිකිරීම් සඳහා පොළව හාරා ඇති අතර පසුව හෑරුණු පස් තොගය වෙනත් ස්ථානයකට දැමීම සඳහා රැගෙන යමින් සිටියදී එමලිනගර් ප්‍රදේශයේ වැසියෙකු පස් ටිපර් රථය කිසියම් කටයුත්තක් සඳහා රැගෙන ගොස් ඇති අතර පසුව ඔහු එම පස් තොගයේ

තිබුණු ඇටසැකිලි තොගය දැක ඒ පිළිබඳව මන්නාරම් පොලීසිය දැනුකොට ඇත.
අනතුරුව මන්නාරම් පොලීසිය එම ස්ථානයට පැමිණ පස්ගොඩේ තිබූ ඇටසැකිලි කිහිපයක්ම සොයාගෙන ඇති අතරම පස් හා ස්ථානය ද පරික්ෂා කිරිම සඳහා මන්නාරම් අධිකරණයට දැනුම්දී ඇත. මේ අනුව අධිකරණ නියෝගයකින් පසු ඇටසැකිල්ල හමුවූ ස්ථානය පරික්ෂා කිරිමට පියවර ගෙන ඇති අතර මේ වන විට එම ස්ථානයට පොලිස් ආරක්ෂාව සපයා ඇති අතරම හමුවූ ඇටසැකිලි මිනිස් ඇටසැකිලි ද යන්න සෙවීම සඳහා රජයේ රසපරික්ෂක වරයාට යොමු කොට ඇති බව පරික්ෂණ සිදු කරන මන්නාරම් පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.