මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද (06)පාර්ලිමේන්තුවේ සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවක නිරත වූහ.

මහනුවර,

තෙල්දෙණිය හා දිගන ප්‍රදේශවල ඇති වූ සිද්ධි සම්බන්ධයෙන් වූ සභාව කල් තැබීමේ විවාදයේදී පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අදහස් දක්වන අවස්ථාවේදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ඇතුළු මන්ත්‍රීවරු 11 දෙනෙක් මෙම විරෝධතාවට එක් වූය‍ෙ නීතිය ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව කියමිනි.
කථානායකවරයා ඉදිරිපිට රතුපලස මත වාඩි වී විරෝධතාවේ නිරත වූ මන්ත්‍රීවරු සිය අසුන්වලට නොයන්නේ නම්, සභාව කල් තැබීමට සිදුවන බව කථානායක කරු ජයසූරිය මහතා එහිදී සඳහන් කළේය.
 සුළු වේලාවක් පැවැති විරෝධතාව අවසන් කරමින් මන්ත්‍රීවරු නැවතත් සිය අසුන් කරා ගියහ.