පසුගිය සිකුරාදා නාවල ප්‍රදේශයේදී  බීමතින් රිය පදවා මෝටර් සයිකලයක් අනතුරට ලක් කළ මන්ත‍්‍රී
කෙහෙළිය රඹුක්වැල්ලගේ

පුත් රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන්නට  කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කර තිබේ.
රමිත් රඹුක්වැල්ල මෙම අනතුර අවස්ථාවේ විවෘත විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකුට ගිනි අවි පෙන්වා පහරදීමේ චෝදනාවට ලක්වූ නමුත් පසුව එවැන්නක් නොකළ බව කියමින් එම සිසුන් පැමිණිල්ල ඉවත් කරගෙන තිබුණි.
අනතුරුව පොලිස් ඇප මත සිටි රමිත් රඹුක්වැල්ලට එරෙහිව රථවාහන වැරදි සම්බන්ධයෙන් පමණක් අද පැවරුණ නඩුවේදී මෙම තීරණය ප්‍රකාශ විය.
මින් ඉහත අවස්ථාවකත් ඔහුගේ රියදුරු බලපත තාවකාලික තහනමකට ලක්වූයේ නෙළුම් පොකුණ අසළ පොදු දේපළට හානි කරමින් බීමතින් රථය පැදවූ වරදකටය.