මන්නාරම යාපනය ඒ 32 මාරිගයේ පුනරින්, නචචිකුඩා, තික්කුවිල් ප්‍රදේශයේදී පෙරේදා සවස මෝටර් රථයක් පාරන් පැන ගසක හැපීමෙන් වෛද්‍යවරයකු ජීවිතක්ෂයට පත්ව ඇහි බට නචීචිකුඩා පොලිසිය කියයි. වෛද්‍යවරයා ගමන් ගත් මෝටර් රථය මන්නාරම සිට යාපනය දක්වා ගමන් කරමින් සිටි අතරතුර මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි ද පොලිසිය පවසයි.

මෙලෙස අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ

මන්නාරම රෝහලේ මැලේරියා මර්දන ඒකකය භාර වෛද්‍ය නිලධාරි වන යාපනය ප්‍රදේශයේ පදිංචි කන්දසාමි අරවින්දන් නමැති වයස අවුරුදු 42 හැවිරිදි අයකු බව පොලිසිය සඳහන් කරයි.
වෛද්‍යවරයා තම ඥාතීන් බැලීම සඳහා මන්නාරම සිට යාපනය දක්වා ගමන් කරමින් සිටියදී අනතුරට මුහුණට දී ඇති බවත් අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ වෛද්‍යවරයා පමණක් සිට ඇති බව ද පැවසීය පොලිසිය පැවසූයේ මෝටර් රථයේ අධික වේගය හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් මෝර් රථයේ අධික
වේගය හේතුවෙන් ගසේ අතු සහ මෝටර් රථයේ සුක්කානම ද ගැලවී ගොස් තිබූ බවයි.
අනතුරින් බරපතළ තුවාල ලබා මෝටර් රථයේ සිටි වෛද්‍යවරයා පොලිස් නිලධාරින් හා ප්‍රදේශවාසීන් විසින් මුලංගාවිල් රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී
වෛද්‍යවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව කියති.මියගිය වෛද්‍යවරයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කිලිනොච්චිය මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැත්පත් කොට තිබිණ.