මහනුවර දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබුනද මැණික්හින්න ප්‍රදේශයේ ඇතිවීමට ගිය කලහකාරී සිදුවීමක්
හේතුවෙන්
පිරිස විසුරුවා හැරීමට පොලිසියට අහසට වෙඩි තැබීමට සිදුවූ බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.
මෙහිදී පිරිසක් මැණික්හින්නේ මුස්ලිම් පල්ලියක් වටකර කලහයක් ඇති කරන්නට උත්සාහ දරා ඇති බවද වාර්තා විය.
අහසට වෙඩි තැබීමෙන් පසු පිරිස විසිර ගිය බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

එසේම එම වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙකුගේ උදරයට වෙඩි වැදී රෝහල් ගත කර ඇති බවට ආරංචියක්ද පවතියි.