බොඳු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට අපහාස කරමින් සහ නීතිඥ වෘත්තීයට නොගැළපෙන ලෙස කටයුතු කරන නීතිඥ අජිත් ප්‍රසන්න සම්බන්ධයෙන් සුදුසු සහ අපක්ෂපාතී
පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා බොදු බල සේනා සංවිධානය අගවිනිසුරුවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත (16) ලිබිත පැමිණිල්ලක් ඉදිරිපත් කලේය. රාඡගිරිය නාවල පාරේ, අංක 615 දරණ ස්ථානයේ පිහිටි බොදුබල සේනා සංවිධානයේ සම්බන්ධීකාරක පස්සරමුල්ලේ පඤ්ඤාජෝති හිමියන් විසින් අගවිනිසුරුවරයා වන මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබූහ. ඉදිරිපත් කරනු ලැබූ පැමිණිල්ලේ මෙසේද සදහන් වේ.
හබුරුගල. රම්බොටුවිල පාර, දොඩබ්ලිගොඩවත්ත, අංක 241 ස්ථානයේ පදිංචිව සිටින අජිත් ප්‍රසන්න නීතිඥවරයා ඉකුත් 5 වැනිදා සහ 8 වැනිදා කාලය තුළ අන්තර්ජාලයට

විඩියෝ පටයක් මුදා හරිමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අපහාස වන සැලසුම් සහගත වෙරි ප්‍රකාශ නිකුත් කරමින් සිටී
එසේම එම නීතිඥවරයා එලෙස මුදාහරින විඩියෝ පට තුළින් මානව හිමිකම් උල්ලංඝනය වන අයුරින් තර්ජනය කිරිම්, අධිකරණ තීන්දු වැරදි බව සමාජගත කිරිමට උත්සාහ කිරිම ආදී ලෙසින් නීතිඥවරයකුට කිසිදු ආකාරයකින් නොගැළපෙන ලෙස කටයුතු කරන බවද පෙන්වා දෙයි.
යමකිසි පුද්ගලයකු පිළිගත් අධිකරණ පටිපාටියකින් වරදකරුවෙකු ලෙස ඔප්පු කරන නෙක් අදාළ පුද්ගලයා නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකිමේ. නිර්දෝෂීභාවය පිළිබඳ පූර්ව නිගමනයකට ගරු කිරිම නීතිඥවරුන් සහ මූලික වගකීමක්ව තිබියදී, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි 2014 හෝ ඉන් අනතුරුව ඡාතිවාදී ගැටුම්වලට සම්බන්ධවීම් පිළිබඳව කිසිම අධිකරණයක් වරදකරුවෙකු ලෙස ඔප්පු කර නැති අවස්ථාවක උක්ත නීතිඥවරයා උන්වහන්සේට අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන බවද පැමිණිල්ලේ සඳහන් වේ.
එබැවින් අජිත් ප්‍රසන්න නැමැත්තා නීතිඥවරයෙකු ලෙස කවදුරටත් ක්‍රියා කිරීමට සුදුසු නොවන බව අප සංවිධානයේ හැඟීම වන හෙයින් ඔහු සම්බන්ධයෙන් සුදුසු සහ අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වන්නැයි අගවිනිසුරුගෙන් ඉල්ලා සිටින බව ද පැමිණිල්ලේ සඳහන් වේ.