හඟුරන්කෙත, රහතුන්ගොඩ ප්‍රදේශයේ කාත්තාවක් සිය 12 හැවිරිදි දියණිය නිවසේ කුකුළු කූඩුවේ සිරකර සිටියදී හඟුරන්කෙත පොලිසියට ලද තොරතුරකට අනුව එම දැරිය බේරාගෙන ඇත. ඊයේ (18) මෙම සිද්ධිය වී
ඇත.


මෙම දැරීයගේ මව දැරියව කුකුළු කූඩුවට දමා එහි අගුලු දා නිවසින් පිටව ගොස් සිටියදී පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව පරීක්‍ෂණ ආරම්භ කර ඇත. හඟුරන්කෙත පොලීසියේ පොලිස් පරීක්ෂිකා එච්.
පී. කල්‍යාණි මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් දැරීය නිදහස් කරගෙන රිකිල්ලගස්කඩ මූලික රෝහලට ඇතුළත් කර ඇත. ඇය අසල්වාසීන්ගේ නිවෙස්වලට යන නිසාවෙන් දැරියගේ කැමැත්ත අනුව එම කුකුළු කුඩුවට දමා පිටතින් ඉබ්බෙක් දමා ආබාධිත දැරීය රැගන අත්‍යවශය ගමනක් ගියා මිස දරුවාට හිරිහැර පැමිණවීමක් නොකළ බව ඇයගේ මව පොලිසියේ දී පවසා සිටියා ය.
පොලිසිය ප්‍රකාශ කළේ දරුවා පරිවාස භාරයට පත් කිරීමට බලාපොරොත්තු වන බවය.