නිලාවේලි පෙරියකුලම් වැවේ බෝට්ටුවක් පෙරලීමෙන් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.
අද දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
ප්‍රදේශයේ කෝවිලක පුජාවක් සඳහා පැමිණි එකම පවුලේ පිරිසක් මෙලෙස බෝට්ටුවේ ගමන් කර ඇතැයි සඳහන්.
පෙරවරු 11ට පමණ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ දානමය කටයුත්තක් සඳහා බෝට්ටුවකින් නෙළුම්
කොළ කැඩීමට ගිය පිරිසක්.

මිය ගිය පුද්ගලයන් අතරින් 4 දෙනෙක්ම කුඩා දරුවන්. අනෙක් පුද්ගලයා ඔවුන්ගේ පියා බව සඳහන්.
මියගිය පිරිසගේ මෘත ශරීර නිලාවේලි රෝහලේ තැන්පත් කර තිබෙනවා.
නිලාවේලි පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.