රටේ ජාතීන් අතර අර්බුදයක් මතුව තිබෙන අවස්ථාවේ ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩව් ඔස්සේ ජාතිවාදය පතුරවන පිරිස් වලට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දර
මහතා පොලිස්

නිලධාරින් වෙත උපදෙස් ලබා දී තිබේ.
විවිධ අසත්‍ය ප්‍රවෘත්ති දියත් කරමින් ජාතීන් අතර වෛරය ඇති කරන පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමේ බලය පොලිසිය සතු බව ද පොලිස් මූලස්ථාන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු වැඩි දුරටත් සඳහන් කළේය.
ඊයේ 6 කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර ඇමතිවරයාද සවස ජනපතිවරයාගේ කතාවේදීද මෙම තත්වය ගැන පැහැදිලි කිරීමක් කර තිබුණි.