ප්‍රවීණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනී එඩ්නා සුගතපාල මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකදී
ඊයේ (14) දහවල් අභාවප්‍රාප්ත වූවාය.

මෙයට දින කිහිපයකට පෙර හදිසියේම රෝගාතුර වූ ඇය
කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරිමෙන් පසුව දින කිහිපයක් සිහි නොලබාම සිට ඇත. මිය යන විට ඇය 72 වැනි වියෙහි පසුවිය. "සැනසුම කොතැනද' චිත්‍රපටයේ එන  සුළං කුරුල්ලෝ " ගීතය සඳහා පෙනීසිටිමින් රංගනයට පිවිසි එඩ්නා සුගතපාල ‘සුරයන්ගෙ සුරයා",  "මිරිගුව‘, ‘වීදුරු ගෙවල්‘ ඇතුළු චිත්‍රපට රැසකට හා ටෙලි නාට්‍ය කිහිපයකට ද රංගනයෙන් දායක වූවාය. ඇය අවසන් වරට රඟපෑ ‘ඉස්කෝලෙට මං ආවා" චිත්‍රපටිය ඉදිරියේදී තිරගතවීමට නියමිතය. එක් දියණියකගේ මවක වු ඇය කලා ක්ෂේත්‍රයේ  සිටි එකම ජෝතිශවේදිනිය ද වූවාය. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.