බැසිල් මෙහෙයුමෙන්
පොහොට්ටුවේ ස්ටැන්ලි ඩයස්
දෙහිවල ගල්කිස්ස නගරාධිපති


update -10 am
එජාපයට වැඩි බලය හිමි දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධුරයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්ටැන්ලි ඩයස් වැඩි ඡන්දයෙන් පත්ව තිබේ.
මෙහිදී නගරාධිපති ධූරය සඳහා ඡන්දය ලබාදීමේදී එජාපයේ අයද ඔහුට පක්ෂව ඡන්ද ලබාදෙවවීමේ
මෙහෙයුමක් ක්‍රියාත්මක වී ඇත
මේ ආකාරයටම පසුගිය සතියේ එජාප බලයහිමි ගාල්ල මහ නගර සභාවේ බලය පොහොට්ටුව අත්කරගත් අතර ඒ සඳහා 7 දෙනෙකු

මුදලට ඡන්ද ලබාදුන් බව පසුව අනාවරණය විය.
පොදු ජන පෙරමුණ පසුබෑ සභාවල බලය ලබාගැනීම පසුපස  බැසිල් මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බවට වාර්තා පළවී තිබේ.

පෙරවාර්තාව පහතින්
------------------
update -8 am
දෙහිවල නගරාධිපතිකම ඉල්ලා 
මරීනා සිරිකොතේ වහලට නගින්න ලෑස්තියි

තමාව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ධුරයට නම් නොකළහොත් 'සිරිකොත' එජාප මුලස්ථානයේ වහලට නැග උපවාසයක් ආරම්භකරන බව
1991 සිටම අඛණ්ඩව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරන මාරිනා ආබ්දීන් මහත්මිය දන්වා තිබේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දෙහිවල ගල්කිස්ස මහ
නගර සභා බල

ප්‍රදේශය තුල එජාපය වෙනුවෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් හා වැඩිම ඡන්ද ප්‍රතිශතයක් (65%) ලබාගෙන ඇත්තේ ඇය වන අතර එජාප නගරාධිපතිනි අපේක්ෂකත්වය සුනේත්‍රා රණසිංහ මහත්මියට ලබාදීමට ඇති සූදානමට එරෙහිව ඇය මෙම ප්‍රකාශය සිදු කර තිබේ.
මේවනවිට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට පත්ව සිටින එජාප මන්ත්‍රීවරුන් 19 දෙනාගෙන් 06 දෙනෙකුම සුනේත්‍රා රණසිංහ මහත්මියට විරෝධය පළකර ඇති බව ඇය පවසයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපල අනුව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට එජාප මන්ත්‍රීවරුන් 19 දෙනෙකුද, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකුද සන්ධානයේ ( බුලත් කොලයේ) මන්ත්‍රීවරුන් 06 දෙනෙකුද ජවිපෙ මන්ත්‍රීවරුන් 04 දෙනෙකුද තේරීපත්ව ඇත.
මේ අතරවාරයේ පොහොට්ටුවට නගරාධිපති ධුරය ලබා ගැනීම සඳහා රහසිගත මෙහෙයුමක් ආරම්භකර තිබේ.
'පොහොට්ටුවේ' නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග ඔහුගේ කොට්ඨාශයෙන් ද පරාජය වූ අතර පසුව පක්ෂයේ ලැයිස්තු මන්ත්‍රී ධුරවලට කාන්තාවන් පත් කිරීමට සිදුවීම නිසා ඔහුට මෙවර මන්ත්‍රී ධුරය පවා තැබුනේ නැත.
දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ බලය පිහිටුවීම අද 26 සිදු කිරීමට නියමිතය.