හදවත් සැත්කමට එක්ක යද්දී
අහංගම මාරක අනතුරින් 

මවත් දියණියත් එතැනමයි


ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ අහංගම වැල්හේන්ගොඩ දී සිදුවූ අනතුරකින් මවක සහ දියණියක මියගොස්
ඇති අතර තවත්
දෙදෙනකු තුවාල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව අහංගම පොලිසිය පවසයි.
සැත්කමක් සඳහා හදවත් රෝගි මව කරාපිටිය
රෝහලට ඇතුළත් කිරීමට 4 දෙනෙකු යමින් සිටි මෝටර් රථය ඊයේ (6) අලූයම අහංගම කානපැලදී ට්‍රක් රථයක හැපීමන්
මෝටර් රථයේ ගමන් කළ මව සහ ඇයගේ

දියණිය වන අඟුණුකොළපෑලැස්ස රෝහල් හෙදියක මියගිය බව අහංගම පොලිසිය කියයි. මෙම සිද්ධියෙන් තුවාල ලැබූ හෙදියගේ සැමියා සහ ඔවුන්ගේ අවුරුදු දෙකහමාරක් වන දියණිය කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ අගුණකොළපෑලැස්ස හැලේකඩ පදිංචිකරුවන් වූ ඩබ්ලිව්.ඒ. දයාවතී (58) සහ රසිකා ප්‍රියදර්ශනී අබේසිරිවර්ධන (28) යන මව සහ දියණියයි.

 මිය ගොස් ඇති දයාවතීට හදවත් සැත්කමක් කිරීම් සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළුවීමට යමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බව මූලික පොලිස් පරික්ෂණවලදී. අනාවරණය වී ඇත. අනතුර සිදුවන අවස්ථාවේ මියගිය රසිකා නමැත්තියගේ සැමියා මෝටර් රථය ධාවනය කර ඇතැයි පොලිසිය කළ මූලික පරික්ෂණවලින් හෙළි වී ඇත. උදේ පහයි හතළිස් පහට පමණ මෙම අනතුර සිදු වූ වහාම ප්‍රදේශවාසීන් එක්ව මෝටර් රථයේ සිටි මව. දුව සහ කුඩා දරුවා ප්‍රථමයෙන් රථයෙන් එළියට ගෙන කරාපිටිය රෝහල වෙත පිටත් කර යවා තිබේ. එහෙත් මෝටර් රථයේ හිර වී සිටි රියැදුරු එළියට ගැනීමට ප්‍රදේශවාසීන්ට පැයක පමණ වේලාවක් ගතව ඇත. මෝටර් රථය ට්‍රක් රථය ඇතුළට

කඩාගෙන ගොස් තිබූ නිසා මෝටර් රථය එළියට ගැනීමට  ප‍්‍රදේශවාසීහු විශාල උත්සාහයක් දැරූහ. ඒ අසල සංචාරක හෝටල්වල නවාතැන් ගෙන සිටි විදේශිකයින් පවා රියැදුරන් බේරා ගැනීමට සහාය වූහ. මියගිය අයගේ මරණ පරික්ෂණ ඊයේ (6) කරාපිටිය රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි

අනතුර සම්බන්ධ සැකපිට ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත. අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.