ත්‍රිරෝද රථයට ආදේශකයක් හැටියට ඉන්දියාවේ නිෂ්පාදිත ප්‍රමිතියෙන් තොර මෝටර් රථ තොගයක් ලංකාවට ගෙන්වීමට සූදානමක් ඇතැයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ
සම්මේලනයේ

සභාපති සුනිල් ජයවර්ධන මහතා ඉකුත් (05) පැවසීය. මෙම මෝර් රථ වර්ගය මෙරට ලියාපදිංචිය සඳහා අවසරය ලබා නොතිබියදී මෝටර් රථ අංඥා පනත සංශෝධනය කර ඊට අවසරය දීමට කටයුතු කිරිම ගැන තම සම්මේලනය සිය විරෝධය පළකරන බව ද ඒ මහතා කීය.
ත්‍රිරෝද රථයේ ධාවන ශක්තිය එසේ තිබියදී එහි සැකිල්ලෙහි ඉදිරියට රෝද දෙකක් සවිකර නිෂ්පාදනය කර ඇති මෙම මෝටර් රථය මෙහි ප්‍රවාහනයට නුසුදුසු බවට ප්‍රකාශ කරන හැටියට ඉල්ලා ඉන්දියාවේ ත්‍රිරෝද රථ සංගමයක් එරට අධිකරණයෙහි නඩුවක් පවරා ඇති බව ද ජයවර්ධන මහතා කීය.
සාම්පලයක් හැටියට මේ වනවිට එම වර්ගයේ එක් මොටර් රථයක් මේරටට ගෙන්වා ඇතැයි කියන ඔහු
මෙම ව්‍යාපාරය පිටුපස රජයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකු සිටින බව විශ්වාස කටයුතු අන්දමින් දැනගන්නට ලැබි තිඛෙන බව ද කීය. එම නව මෝටර් රථය ශ්‍රී ලංකාවට ගෙන්වා ව්‍යාප්ත වුවහොත් මෙරට පවතින ත්‍රිරෝද රථ කර්මාන්තයට විශාල පහරක් වදින බව ද ඒ මහතා වැඩිදුරටත් කීය.