ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයකුගේ පුතෙකුට 11 වැනි ශ්‍රේණියේ සිසුන් නවදෙනකු විසින් පහරදීමේ සිද්ධියක් පිළිබඳව විභාග කළ සමථ මූල මණ්ඩලය එම ගුරුවරයාට රුපියල් 90,000ක මුදලක් ගෙවන ලෙස සිසුන් පිරිසට දැනුම්දී ඇත.
පසුගියදා (2017) වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පාසලේ පැවති ආශීර්වාද පුජාවක් දිනයේදී 11 වසරේ මෙම සිසුන් නවදෙනා 10 වැනි වසරේ
අධපනය ලබන සිසුවකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම සිසුවාගේ පියා ගිනිගත්හේන පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි.
ගිනිගත්හේන පොලිසිය එම සිද්ධිය සමථ මුල මණ්ඩලය වෙත යොමුකර ඇත.පහරකෑමට ලක්වූයේ යැයි කියන සිසුවාගේ පියාද එම විදුහලේ ගුරුවරයකු වශයෙන් සේවය කරන අතර

එම ගුරුවරයා පහර දුන්නේ යැයි කියන සිසුන් නවදෙනාගේ පන්ති භාර ගුරුවරයා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමථ වුණ මණ්ඩලය අවස්ථා කිහිපයකදී දෙපාර්ශ්වයටම පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද ඉන් අවස්ථා තුනකදීම පැමිණිල්ල සිදුකළ ගුරුවරයා සමථ මුල මණ්ඩලයට ඉදිරීපත් නොවූ බව චෝදනා ලබා සිටින සිසුන් සහ එම සිසුන්ගේ දෙමව්පියන් පැවසූහ, සමථ මූල මණ්ඩලයේ සභාපතිවරයාගේ මැදිහත් වීමක් මත පැමිණිල්ල සිදුකළ එම ගුරුවරයා මේ මස(10) වැනි දින සමථ මුල මණ්ඩලයට පැමිණ ඇති අතර එහිදී ඔහු විසින් මේ සිද්ධිය සමථයට පත්කර ගැනීමට නම් පහරකෑමට ලක්වූයේ යැයි කියන සිසුවාට ප්‍රතිකාර සඳහා වැයවූ මුදල වන රුපියල් ලක්ෂයක මුදලක් තමන් වෙත ගෙවන ලෙස සමථ මූල මණ්ඩලයට දැනුම් දුන්නේය. සමථ මූල මණ්ඩලයේ සභාපතිවරයා එක් සිසුවෙකුට රුපියල් දසදහස බැහින් සිසුන් නව දෙනාට රැපියල් අනුදහස මුදලක් ලබන මස (07) වන දින ගෙවා මෙම  සිද්ධිය සමථයට පත්කර ගන්නා ලෙස සමථ මුල මණ්ඩලයේ සභාපතිවරයා තමන් වෙත දැනුම් දුන් බව එම සිසුන්ගේ දෙමව්පියන් පවසති.


තමන් ආර්ථික වශයෙන් ගැටලු රැසකට මැදිවී ඇති බවත් එම ආර්ථික අපහසුතා මධ්‍යයේ සිටින තමන්ට එම මුදල ගෙවීමට නොහැකි බවත් දෙමවිපියන් පවසති, එම සිසුන්ට කුලී වැඩක් හෝ සිදුකර එම මුදල් ගෙවන ලෙසටත් අවශය නම් තම විදුහල් ගොඩනැගිලී කොන්ත්‍රාත් සිදුකරන කොන්ත්‍රාත්කරුගෙන් අවස්ථාව ලබාදිය හැකි බවත් එම විදුහලේ විදුහල්පතිවරයාද තමන්ට දැනුම් දුන් බව චෝදනා ලැබ සිටින සිසුවෙකු සහ එම සිසුවාගේ දෙමව්පියන් පැවසුහ.
මෙම චෝදනාව සම්බන්ධයෙන් ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ විඳුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතාගෙන් අප විමසීමක් කිරීමේදී ඔහු කියා සිටියේ මෙම සිද්ධිය සමිබන්ධයෙන් අදාළ ගුරුවරයාට වන්දි මුදලක් ගෙවා සිද්ධිය සමථයට පත්කර ගැනීමට සමථ මුල පිණ්ඩලයේ දෙපාර්ශ්වයේ එකඟතාවකට පැමිණ ඇති බවය. එය හොඳ එකඟතාවක් බවත් එම මුදල් ගෙවීමට සිසුන්ට කුලී වැඩක් සිදුකරන ලෙසට තමන් කිසිදු දැනුම්දීමක් සිදු නොකළ බවද විදුහල්පතිවරයා කීය.

මේ සම්බන්ධයෙන් අප ගිනිගත්හේන සමථ මුල මණ්ඩලයේ සභාපති ප්‍රියන්ත කුමාර හෙට්ටිආරච්චි මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තම සමථ මූල මණ්ඩලය මගින් යම් පැමිණිල්ලක් සමථයට පත්කර ගැනීමට වන්දි මුදල් ගෙවන ලෙසට ප්‍රකාශ නොකළ බවයි. දෙපාර්ශවයේ එකඟතාවයක් මත යම් එකඟතාවයකට පැමිණ එම එකඟතාවය තම සමථ මුලු මණ්ඩලය වෙත දැනුම්දීමෙන් පසු ඒ අනුව එම සිද්ධිය සමථයට පත් කිරීමට කටයුතු කරන බවත් මෙම සිද්ධිය පිළිබදව වගඋත්තරකාර පාර්ශ්වයට යම් ගැටලුවක් වේ නම් ඒ පිළිබඳව තමන් සමග තවදුරටත් සාකච්ඡා කළ හැකි බවද සමථමූල මණ්ඩලය සභාපතිවරයා වැඩිදුරටත් කීය.