පාසල් අවට මීටර් 100ක් ඇතුළත දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ ගැසට් නිවේදනය අප්‍රේල් මස 7 දා ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරන්න මහතා තීරණය කර ඇත. පාසල් අවට
මිටර් 500ක්

ඇතුළත දුමවැටි අලෙවි කිරීම නතර කිරීමට මීට පෙර තීරණය කර තිබුණ ද එය මේ වන විට මීටර් 100 දක්වා අඩු කිරීමට ඇමැතිවරයා පියවර ගෙන තිබේ.

එසේ අවුරුදු 18ට අඩු අයට පමණක් සිගරැට් අලෙවිය තහනම් කිරීමේ නියෝගය වයස අවුරුදු 21 දක්වා වැඩි කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉදිරීයේදී ලබාගැනීමට නියමිත බව ද සෞඛ්‍ය අමාතයංශය සඳහන් කරයි.

මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරීයේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා මෙම වැඩපිළිවෙළ කෙරෙහි සිය සතුට පළ කරමින් ලිපියක් සෞඛ්‍ය ඇමැතිවරයා වෙත යොමුකර ඇත.