ඇමෙරිකා ජනාධිපර් ඩොනල්ඩ් ට්‍රම්ප් ලේලිය විස ශරීරගතවීමක් නිසා හදිසියේ රෝහල් ගත කළ බව ඇ අමරිකන් පුවත් සේවා ඊයේ (13) වාර්තා කළේය.

ට්‍රම්ප්ගේ පළමු කසාදයේ පුතු වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් (කණිෂ්ඨ) ගේ බිරිය වන වෙනේසාට මෙම විස අන්තර්ග්‍රහණයවී ඇත්තේ

ලියුමක් කැඩීමට යාමේදීය.
40 හැවිරිදි පස් දරු මවකවූ ඇය පදිංචි වී සිටින්නේ නිවියෝක් නුවර මැන්හැටන් ප්‍රදේශයේය.
පෙරේදා (12) දිනයේ, ෙ මැන්හැටන් නිවසේ තම සැමියා‍ෙ නමට ලිපියක් ලැබී ඇති අතර, එය වෙන්සා කඩා බලා ඇත..
ලියුම් කවරය ඇතුළත සුදු පැහැති කුඩු විශේෂයක් තිබුණු බවත්, ඒවා  බලන්නට යාමේදී අසාධ්‍ය වූ බවත් පැවසේ.ඇන්ත්‍රෑක්ස් වැනි විස කුඩු විශේෂයක් යැයි සැක කර
එම කුඩු පරික්ෂාවට ලක් කෙරුණු නමුත්, මාරක විස රසායනික ද්‍රව්‍යයක් ඒවායේ අඩංගු නොවුණු බව පසුව අනාවරණය විය.