රත්නපුර ප්‍රකට පාසලක උසස්පෙළ සිසුවියකට මානසික පීඩාවක් ඇතිවන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන්
එම විදුහල්පතිනිය ගෙන්වා පොලිසියෙන් අවවාද කළ සිදුවීමක් වාර්තාවේ.

මෙම සිසුවියගේ මව පාසලේ ගුරුවරියකි.

එම ගුරුවරිය හා විදුහල්පතිනිය අතර පවතිනවා යයි කියන පුද්ගලික නොහොඳ නෝක්කඩුවකට පලි ගැනීමේ අදහසින් අදාළ සිසුවියට වරින්වර අසාධාරණ ලෙස සලකා ඇති බව වාර්තා විය. විදුහල්පතිනිය පමනක් නොව අදාළ අංශ ප්‍රධානීන්ද ඇයගේ නැති වැරදි පෙන්වාදී දඩුවම් ලබා දී ඇති අතර මේ නිසා ඇය පාසල්යාමට පවා මැළිකමක් දක්වන තත්වයක් උදාවී ඇත.
මෙම ගැටලුව පළාත් අධ්‍යාපන කාර්යාලයට දැනුම්දුන්නද එයින් ඵලක් වී නැතියෙන් පොලිසිය කරා යාමට ගුරුවරිය කටයුතු කර ඇත.
ගුරුවරිය විසින් පැමිණිල්ල කළ පසුව විදුහල්පතිනිය ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කළ අතර ඇයට හා
අංශ ප්‍රධානීන්ට පොලිසිය අවවාද කර තිබේ.