ශ්‍රීලනිප මන්ත්‍රීවරු වැඩිදෙනා ඇබ්සන්ට්
සවස 4 න් පසු රටේ අර්බුද විවාදය

අද උදෑසන පළාත් පාලන මැතිවරණයෙන් පසු පළමුවරට පාර්ලිමේන්තුව රැස්වූ අතර සභාවාරය
ආරම්භයේදීම  රටේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය ගැන සාකච්ඡාවක් අවශ්‍ය බවට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.
ඒ සඳහා සභානායක කිරිඇල්ල මුලින් කැමති නොවුණත්
ඉන්පසු පාර්ලිමේන්තුව

මිනිත්තු 15 කට නවතා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමෙන් පසුව සවස 4ට දිනේෂ් මන්ත්‍රීවරයා ඉල්ලූ සාකච්ඡාව ලබාදීමට තීරණය විය.
මේ අතර අද දිනයේ පාර්ලිමේන්තුව නියෝජනය සඳහා උදෑසන පැමිණි පිරිස අතර ඒකාබද්ධයට අයත් නැති ශ්‍රීලනිප පිරිස වැඩි දෙනා නොපැමිණි බව වාර්තා විය. ඔවුන් සවස විවාදයට ඒවිදෝ සැක පවතී.
කෙසේ වෙතත් ශ්‍රිලනිපය අද අගමැති කමට නිමල් සිරිපාල නම් කරමින් සිය බහුතරය පෙන්වන බවට මින් ඉහත මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ අතර තවත් පිරිසක් පාර්ලිමේන්තුවේ විපක්ෂයට යන බවද පවසා තිබුණි.
කෙසේ වෙතත් මේ කිසිවක් සිදුවන බවක් තවම පෙනෙන්නට නැත.