ඉන්දුනීසියාවේ බාලිදූපතේ සංචාරයක් සඳහා ගොස් මුහුදේ නාන්නට ගිය ශ්‍රී ලාංකික තරුණ උපකාරක පන්ති ගුරුවරයෙකු අවාසනාවන්ත ලෙස මරුමුවට පත්ව තිබේ.

නිසල් කෙවින්
කොටින්කඩුව නමැති ඔහු උසස් පෙළ ගණිතය හා ඉංග්‍රීසි විෂයන් උගැන්වීමෙන් නමක් දිනා සිටි අයෙකි.
ජා ඇළ පදිංචිව සිටි ඔහු විවෘත විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවකුද වූ අතර මියයන විට 30 හැවිරිදි වියේ පසුවිය.
මියගිය නිසල් ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග පසුගිය 31 වැනිදා ඉන්දුනීසියාවේ පස්දින සංචාරයක් සඳහා ශ්‍රී
ලංකාචෙන් පිටත්වී ගොස්, මුහුදේ මීටර් 50 ක් දුරින් නාමින් සිටිය දී මෙම හදිසි අනතුරට පත්වී ඇතැයි ඔහුගේ මිතුරන්දන්වා තිබේ.
ශාන්ත ජෝශප් විදුහලේ ආදි සිසුවක වන ඔහුගේ දේහය දේහය අද (5) උදේ  ශ්‍රී ලංකාවට ගෙන ඒමට  නියමිතව තිබුණි.