රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයෙන් ඉවත් කිරීමට ඇතම් මාධ්‍ය ආයතන වලට අවශ්‍යතාව තිබුණද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන්ට එවැනි අවශ්‍යතාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර
පවසනවා.


ඊයේ (13) අරලියගහ මන්දිරයේදි අගමැතිවරයා හමුවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා සඳහන් කර සිටියේ අගමැතිවරයාට එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් ලිපියක් භාරදී ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

වර්තමාන දේශපාලනයේ සියළු තීන්දු තීරණ ඇතම් මාධ්‍ය ආයතන විසින් ගැනීමට උත්සහ දරන නමුත් එවැන්නකට ඉඩ දිය නොහැකි බවයි මන්ත්‍රිවරයා මෙහිදි සඳහන් කර සිටියේ.