ආණ්‌ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට (16 දා) විශේෂ ප්‍රකාශයක්‌
කිරීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (14 දා) දහවල් පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එම තීරණය දැනුම්දී තිබෙන බව එකී ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති කැබිනට්‌ රැස්‌වීමෙන් පසුව මෙම හමුව පවත්වා තිබේ.
ශ්‍රීලනිපය නියෝජනය කරන කැබිනට්‌ ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් සහ ආණ්‌ඩු පක්‍ෂයට සහාය දක්‌වන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ද මෙම හමුවට සහභාගී වී ඇත.