හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය ලබාදුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන ලද පළාත් පාලන ආයතන රාශියකම සියලුම කොට්ඨාස එම අපේක්ෂකයන් විසින් දිනා ගන්නා ලදී. එබැවින් ප්‍රතිවාදී පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට එකම කොට්ඨාසයක් හෝ ජය ගැනීමට ඉඩ ලැබුණේ නැත.

නිකවැරටිය, වාරියපොළ, අලව්ව, ගිරිබාව, නොච්චියාගම, නුවරගම් පළාත උතුර, රාජාංගණය යන ප්‍රාදේශීය සභාද, අනුරාධපුරය මහ නගර සභාවද එසේ සියලු කොට්ඨාස ජයගත් ආයතන අතර වෙයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, පලාගල, ප්‍රදේශය යන දෙක මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය, අකුරැස්ස, තිහගොඩ, මාතර, පිටබැද්දර, හක්මණ, වැලිගම, මුලටියන, කඹුරුපිටිය, කිරින්ද, පුහුල්වැල්ල, දෙවිනුවර, මාලිම්බඩ යන ප්‍රාදේශීය සභාවල එකම කොට්ඨාසයක් හෝ වෙනත් පක්ෂයකට ජයගත නොහැකි වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලු ආසන ජයගත් හේතුවෙනි.


ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව, අක්මීමන, බෙන්තොට, රජ්ගම, යක්කලමුල්ල, තවලම යන ප්‍රාදේශීය සභාවල සියලු කොට්ඨාස ශ්‍රී ල.පො.පෙ. ජයගත්තේය.
ත්‍රිකුණාමලේ පදවි ශ්‍රී පුර, බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව, කෑගල්ල ප්‍රාදේශීය සභාව, මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල ප්‍රාදේශීය සභාව, සියඹලාණ්ඩුව, තණමල්විල, වැල්ලවාය, බදුල්ල, බිබිල යන ප්‍රාදේශීය සභාවලද අම්පාර දිස්ත්‍රික්කයේ දමන, රත්නපුරයේ කොළොන්න, ඇඹිලිපිටිය, කලවාන, කුරුවිට, නිවිතිගල, ඉඹුල්පේ, කලවාන, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, මිල්ලනිය, බේරුවල සහ වළල්ලාවිට ප්‍රාදේශීය සභාද ගම්පහ දිසාවේ ගම්පහ ප්‍රාදේශීය සභාව, ‍ෙදාම්පේ ප්‍රාදේශීය සභාව සහ ගම්පහ මහ නගර සභාවද ශ්‍රී ලං.පො. පෙ. දිනා ගත්තේ වෙනත් පක්ෂ කිසිවකට කිසිම කොට්ඨාසයක් දිනා ගැනීමට අවස්ථාවක් නොදෙමිනි.
හම්බන්තොට දිසාවේ කටුවන සහ බෙලිඅත්ත ප්‍රාදේශීය සභා දෙකේ සියලුම කොට්ඨාස ජය ගත්තේ් ශ්‍රී ලං. පො.පෙ. විසිනි. කොළඹ දිස්ත්‍රික්කයේ බොරලැස්ගමුව, කැස්බෑව නගර සභා දෙකත් හෝමාගම ප්‍රාදේශීය සභාවත් කිසිම කොට්ඨාසයක් වෙනත් පක්ෂයකට හිමි නොවිණි.

ශ්‍රී ලං. පො. පෙ. නාම යෝජනා ප්‍රතික්ෂේප වීමෙන් පසු තරග කිරීමේ අවස්ථාව අහිමි වූ මහරගම නගර සභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දක්වමින් බයිසිකලය ලකුණෙන් ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායම විසින් දිනා ගන්නා ලද අතර මහියංගණය ප්‍රාදේශීය සභාවද ස්වාධීන කණ්ඩායමක් විසින් දිනා ගන්නා ලදී.
බේරුවල නගර සභාවද දිනා ගත්තේ ස්වාධීන කණ්ඩායමකි. මහරගම, බේරුවල සහ මහියංගණය ස්වාධීන කණ්ඩායම් තුනේ සහයෝගය ශ්‍රී ල.පො.පෙ.ට ලබා දෙන බව උපකල්පනය කරමින් සංඛ්‍යා ලේඛන සකස්කරන විට එම පක්ෂයේ ප්‍රතිශතය තවත් වැඩිවනු ඇත.