මහනුවර නගරයේ බාලිකා විදුහලක විදුහල්පතිනියක් එම විදුහලේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් හා ගුරුවරුන්ගෙන් රුපියල් හයලක්‍ෂ පනස් දහසක මුදලක් එකතු කර රන්මාලයක් සාදවා ආගමික
සිද්ධස්ථානයකට පූජා කිරීමේ

සිද්ධියක් ගැන වාර්තා වෙයි.
මේ සමිබන්ධව විශේෂ පරීක්‍ෂණයක් පැවැත් වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය අදාළ සිද්ධියට සමිබන්ධ විදුහල්පතිනියට තරයේ අවවාද කරමින් මින් පසු මෙවැනි සිද්ධින් වලට මැදිහත් වුවහොත් දැඩි විනය පියවර ගන්නා බව පැවසුවාය.

මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරින්ගෙන් කිසිදු අවසරයක් ලබා නොගෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛවලට ද පටහැනි ලෙස මෙම විදුහල්පතිනිය සිදු කර ඇත්තේ ඉතා බරපතළ විනය විරෝධි ක්‍රියාවක් බව පැවසු නිලුකා ඒකනායක මහත්මිය විදුහල්පතිනිය සිද්ධිය සම්බන්ධියන් වරද පිළිගෙන සමාව ඉල්ලා සිටීම නිසා ඇයට 'විනයානුකූලව දඩුවම් කරන බවද පැවසුවාය.
සිද්ධියට සම්බන්ධ විදුහල්පතිනිය ලක්ෂ හයහමාරක් (6 1/2) වටිනා රන්මාලය සාදවා ඇත්තේ මහනුවර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාහරණ නිෂ්පාදන ආයතනයකිනි.

මධ්‍යම පළාත් පාසල්වල දරුවන්ගගන් මුදල් එකතු කිරිමක් සිදු කිරීමට කිසිදු විදුහල්පතිවරයකුට නොහැකි බවත් එවැන්නක් සිදු කරන බවට පැමිණිලි ලද හොත් ඒ පිළිබඳව තමන් විශේෂ පරික්ෂණයක් පවත්වා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය මේ සම්බන්ධව, කරන ලද වැඩිදුර විමසීමකදී ප්‍රකාශ කළාය.

(ජේ.ඒ.එල්. ජයසිංහ)