ගිරිබාවේ ප්‍රාදේශිය සභාව සඳහා මෙවර පළාත් පාලන මැතිවරණයට තරග වදින ඡන්ද අපේක්‌ෂකයකු බීමත්ව
අශෝභන අයුරින්

හැසිරෙමින් සිටියදී කසිප්පු බෝතල් භාගයක්‌ සමඟ අත්අඩංගුවට ගත් බව ගිරිබාව පොලිසිය කියයි.
 පොලිස්‌ ඇපමත මුදාහැර ඇති සැකකරු ගිරිබාව ප්‍රාදේශීය සභාව සඳහා සාලිය අශෝකපුර මැතිවරණ කොට්‌ඨාසයෙන් තරග වදින අයකු වන බව වාර්තා විය.
 සැකකරු වෛද්‍ය පරීක්‌ෂණයකට ඉදිරිපත් කළ අවස්‌ථාවේදී ඔහු බීමත්ව සිටි බවද තහවුරු වූ බව පොලිසිය පැවැසීය.
 සැකකරු විවාහක අයකු වන අතර පෙබරවාරි මස 05 වැනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
 ඔහු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුවක සභාපතිවරයකු බවත් පොලිසිය කීය.

 හූරිගස්‌වැව - ඒ. කරුණාතිලක