ඉන්දියාවේ කල්කටා හි ‘ ඩිබාකර් අනුස්මරණ ගවේෂකයින්ගේ පදනම දූෂණයෙන් තොර සාමකාමි ලොවක් සඳහා වු ලෝක පාපැදි සවාරියක් සංවිධානය කර තිබූ අතර කාම්බෝජය, මියන්මාරය හා තායිලන්තය ආදී රටවලට මෙන්ම ඒ වෙනුවෙන් ලංකාවේදීද සවාරියක් නිරතවිය.

පසුගිය දා කොළඹින් ආරම්භ වු පාපදි සවාරිය ගාල්ල, මාතර, හම්බන්තොට, මිරිස්ස, මහනුවර, දඹුල්ල, අනුරාධපුර, ත‍්‍රිකුණාමලය පසුකර මඩකලපුව දක්වා ගමන් කර ආපසු කොළඹ බලා ගමන් කළේය.
මේ පාපැදි සවාරිය පිළිබඳ ඞීබාකර් අනුස්මරණ ගවේෂකයින්ගේ පදනමේ සභාපති ටපන් කුමාර් දාස් මහතා දඹුල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ගෝලීය උෂ්ණත්වය , කාලගුණික විපර්යාස පිළිබඟ ජනතාව දැනුවත් කිරීම සවාරියේ අරමුණ වූ බවයි. ටපන් කුමාර් මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.

‘‘ මේ සංචාරයේ දී ලංකාවේ දහස් ගනනක් ජනතාව මට මුණගැසුනා. ඔවුන් එකඟවුනා අපේ පනිවුඩය සෙසු අය වෙත ගෙනියන්න.මම ලොකු අත්දැකීමක් ලැබුවා ලංකාව තුළින්. ලංකාවේ පරිසරය සහ ලංකාවේ මිනිස්සු පරිසරයට දක්වන ආදරය ඉතාමත් විශිෂ්ටයි.
මම ලබපු අත්දැකීම් පිළිබද සතුටු වෙනවා. මිනිස්සු ගොඩක් මට උදව්වුනා.
මේ මහ පොළව ආරක්ෂා කරන්න අපි හැමෝම දායක වෙන්න  ඕනේ. ඒ සඳහා අපට කළ හැකි බොහෝ දේ තියෙනවා.
මම ඉල්ලීමක් කරනවා අපි දරන උත්සහාය පිළිබඳ ඔබේ රටේ මාධ්‍ය තුළින් ප‍්‍රචාරය කරන්න කියලා. මොකද මේ රටත් ලෝකයේ බොහොම සුන්දර රටක්.
මේ මිහිතලය ආරක්ෂාකර ගැනීම සඳහා ඔබලා සැමටම ලොකු වගකීමක් තියෙනවා.
සහය දුන් අයටත් ශ‍්‍රි ලංකා රජයටත් මේ වෙලාවේ මගේ විශේෂ ස්තුතිය හිමිවෙනවා. ‘‘ යැයි ද සඟහන් කළේය.

ඞීබාකර් අනුස්මරණ ගවේෂකයින්ගේ පදනමේ කි‍්‍රයාකාරි සභාපති ටපන් කුමාර් දාස් මහතා සිදුකල පාපැදි සවාරියේ විවිධ අවස්ථා පහතින් දැක්වේ
ඡායාරූප වල දැක්වෙන්නේ කළුතර බෝධිය ආසන්නයේ මාතලේ අළුවිහාර පංසලේ භික්ෂුන් වහන්සේ සමග  දඹුල්ල විහාරස්ථානය අසල හා කාම්බෝජය, මියන්මාරය හා තායිලන්තය ආදී රටවලදී පාපාදිවල පෙනී සිටි දර්ශනයි.

(නාඋල - ඉන්දික අරුණ කුමාර)