“කමිං සූන් ට්‍රේලර් එකේ වැනුව කඩුව 
චිත්‍රපටයෙදි මිසින්“

ගම්මන්පිල මධු මාධව උල් ආයුධ රැගෙනවිත්
මාධ්‍ය හමුවක් පවත්වති


ජනපති නිසි පරිදි කඩුව වැනුවේ නැති බවත් එසේ වැනුවේ නම් අගමැති රනිල් , ඇමති බදියුදීන් හා මන්ත්‍රී රවී කැපී යා යුතුව තිබූ බවත් කියමින් පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල මධුමාධව ඇතුළු පිරිසක් උල් ආයුධ (කඩු) රැගෙන විත් අද මාධ්‍ය හමුවක් පවත්වමින්
කියා සිටියහ.

එහිදි උදය ගම්මංපිල මන්ත්‍රීවරයා මෙසේ කියා තිබේ.

“අද වගේ දවසක තමයි මේ රටේ ජනතාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට රට පාලනය කරන්න වරම දුන්නේ.  වෙනත් වචනවලින් කිව්වොත් ජාතික කොඩියේ ඉන්න සිංහයා අතේ තිබෙන කඩුව ජනාධිපතිවරයාට භාරදීලා අදට වසර තුනක් වෙනවා. මේ කඩුව ජනාධිපතිවරයා අතට දුන්නේ ජනතාව වෙනුවෙන් යුක්තිය උදෙසා භාවිත කරන්න.

ජනපතිතුමන් මීට සති දෙකකට පෙර ඔන්න මම කඩුව වනනවා  කවුරු කැපේ ද දන්නේ නෑ කියලා කිව්වාම අපි ජනවාරි තුන ජාතිය අමතනවා බලා ගෙන සිටියා. ඒ කඩු හරඹයක් බලාපොරොත්තුවෙන්.  කඩුව නම් ඔහේ වැනුවා තමයි.  ඒත් කැපුණු කෙනෙක් නම් නෑ.  මේක හරියට කමිං සූන් ට්‍රේලර් එකේ කඩු අරගෙන එනවා පෙන්නලා චිත්‍රපටිය බලන්න ගියාම එක සටන් ජවනිකාවක් වත් නැති වුණා වගේ වැඩක්.“